ඉන්දියාව ලෝක කුසලානයේ අවසන්පූර්ව වටය ආසන්නයට පැමිණෙයි


ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 184 ක් ලබා ගත්තෙය.

විරාත් කෝලි එහිදී ලකුනු 64 ක් රැස් කලේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ඉනිමට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 16 කදී ලකුණු 145 ක ඉලක්කයක් හිමිවිය. නමුත් ඔවුන්ට නියමිත පන්දුවාර 16 අවසානයේ කඩුළු 6 ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුනු 145 පමණි.

මේ සමගින් ඉන්දියාව තරගාවලියේ අවසන් පූර්ව වටය ආසන්නයටම පැමිණ ඇත. ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ සිම්බාබ්වේ සමග එළඹෙන නොවැම්බර් 06 වැනිදා තරගය පමණි.



Recommended Articles