ඉන්දියාව තරගාවලිය දිනයි


සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර  පැවැති දෙවැනි විස්සයි20 තරගයද කඩුලු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූයේය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකිින් සමන්විත විස්සයි20 තරගාවලය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත්විය.

මුලින්ම පන්දුව පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 183/5ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර17.1කදී ලකුණු 186/3 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය.



Recommended Articles