ඉන්දියාව අසරණ කළ ’කට්ටයා’


ආසියානු කුසලාන එක්දින තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ඉන්දීය කණ්ඩායම අසරණ කරමින් සිය එක්දින පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත්විය.

ඒ සිය පන්දුවාර 10 තුළදී ලකුණු 40ට කඩුලු පහක් දවා ගනිමිනි. දුනිත්ගේ දග පන්දුව හමුවේ ඉන්දීය සුපිරි පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා (53), ශුබ්මන් ගිල් (19), විරාත් කෝලි (3), ලෝකේෂ් රාහුල් (39), හර්දික් පාණ්ඩ්‍යා (5) දැවී ගිය අතර ඔහු ඊට අමතරව ඉෂන් ක්‍රිෂන්ගේ උඩ පන්දුවද රැක ගැනීමට සමත්විය.

 



Recommended Articles