එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සිය ස්ථානය වෙන් කර ගත්තේය.
නවසීලන්තය සමගින් පැවැති තරගය ලකුණු 70කින් ජය ගනිමින් ඔවුන් මෙසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 397ක් රැස් කළ අතර නවසීලන්තයට රැස් කළ හැකිවූයේ ලකුණු 327ක් පමණි.
කඩුලු 7ක් දවාගත් මොහොමඩ් සාමි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.