ඇන්ඩෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් ජීවිතයෙන් සමුගනියි


ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්තයේදී ​සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ. ඔහුගේ මරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ. ඇන්ඩෲ සයිමන්ඩ්ස් මෙසේ අවාසනාවන්ත ලෙස මිය යන විට 46 වැනි වියේ පසුවිය.

ඔස්ට්‍රේලියාව ජයගත් ලෝක කුසලාන කණ්ඩායම් දෙකක සයිමඩ්ස් සාමාජිකයෙක් විය. පොලිසිය පවසන පරිදි සෙනසුරාදා රාත්‍රියේ ටවුන්ස්විල් සිට කිලෝමීටර් 50ක් දුරින් පිහිටි හර්වි රේන්ජ් ප්‍රදේශයේදී මෙම මාරක අනතුර සිදුව ඇත.

පොලිස් ප්‍රකාශකට අනුව සයිමන්ඩ්ස් පදවාගෙන ගිය මෝටර් රථය පාරෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව තිබේ.



Recommended Articles