ඇන්ජලෝ මැතිව්ස් නැවතත් විස්සයි20 කණ්ඩායමට


සත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.

ලසිත් මාලිංගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය  සඳහා නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාද ඇතුළත් වෙයි.

මෙම සංචිතයට මුලින් ඇතුළත් කර සිටි නුවන් ප්‍රදිප් ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබේ.

තරගාවලිය 05 දා ආරම්භවන අතර 07 දා හා 10 දා අනෙකුත් තරග පැවැත්වෙයි.

ශ්‍රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඉසුරු උදාන, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු. වනිඳු හසරංග, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, කසුන් රාජිත



Recommended Articles