ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්තානයේ පැවැත්වෙන තරග සදහා එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (01දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානය බලා පිටත්ව ගියහ.
ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා එක් වී සිටියහ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළඹෙන 05දා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.