ආසියානු කුසලානයට බංග්ලාදේශය එයි


ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම 08/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් පමණ  සමන්විත මෙම කණ්ඩායම 08/27 දින පස්වරු 03.15 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම බංගලදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

බංගලදේශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු තරගය එළඹෙන 08/31 දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය .
 

 


Recommended Articles