අවිශ්ක, රමේෂ්, පොඩි මාලි ඉන්දීය තරගාවලියෙන් ඉවතට


ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 24 දා ආරම්භවීමට නියමිත විස්සයි20 තරගාවලිය අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හා ණුවන් තුෂාරට අහිමි වී තිබේ.

ඒ ඔවුන් තිදෙනාම මේ වන විට ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ආබාධවලට ලක්ව තිබීම හේතුවෙනි. 

ඔස්ට්‍රේලියාව හා පැවැත්වෙන පස්වැනි හා අවසන් විස්සයි20 තරගය අද (20දා) පැවැත්වීමට නියමිතය. තරගාවලියේ නිමාවත් සමගින් ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවේ සිට සෘජුවම ඉන්දියාවට යයි.



Recommended Articles