පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණියේ ය.
අලුයම 1.45 දිවයිනට පැමිණ 4.30 නිවසට ගොස් උදෑසන 8.00 වන විට SSC ක්‍රීඩාංගණයේ තරගයක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක,චරිත් අසලංක,අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩකයින් තිදෙන පැමිණ ඇත.
මෙවැනි කැපවීමක් ඇත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමට දීප්තිමත් අනාගනතයක් උරුම බව SSC කණ්ඩායමේ පුහුණුකරු වන තිලිණ කණ්ඩම්බි ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Just finished National duty. Landed in Sri Lanka at 1:45 a.m. Reached home at 4.30 a.m. At the ground by 8.00 am to play for SSC against Tamil Union. . . Superb commitment from @dasunshanaka1 @Avishka28 and @CharithAsalanka
— thilina kandambi (@thilinakandambi) November 6, 2021
I'm sure our future will be bright ! pic.twitter.com/uHELl31q00