අයි.සී.සී.යට වැරදිලා, ඉන්දියාව අංක එකට දාලා


ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (15දා) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වයේම අංක එකේ කණ්ඩායම ලෙස ඉන්දියාව නම්කර තිබුණද, එය තාක්‍ෂණික දෝෂයක් මත සිදුවූබවක් බව අයි.සී.සී.ය සඳහන් කරයි.

ඒ අනුව එක්දින හා විස්සයි20 ආකෘති ද්විත්වයේ අංක එක ඉන්දියාවට හිමිව තිබුණද, නිවැරදි කිරීම අනුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව පසුවන්නේ දෙවැනි ස්ථානයේය.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සිය වෙබ්අඩවිය තුළ අයි.සී.සී.ය දන්වා තිබුණේ, තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දියාව අංක එක ලෙස දැක්වූ බවත්, ඒ පිළිබඳ තම  කණගාටුව ප්‍රකාශ කරන බවයි.



Recommended Articles