ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපියක අඩංගු කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පිළිතුරු ලිපියක් යොමුකර ඇත.
එහිදී අමාත්‍යවරයා පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමන් දේශපාලනික වශයෙන් මැදිහත්වීම් සිදුකර ඇති බවට වන තොරතුරු අසත්‍ය බවද අමාත්‍යවරයා සිය ලිපියෙන් පවසයි.
රාජ්‍ය විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා හෙළිව ඇති අවස්ථාවක ඔවුන් තවදුරටත් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ලෙස කටයුතු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.