මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය පැවැත්වීමට නියමිත කාලසීමාවේදී තමිල්නාඩුවේ මැතිවරණය පැවැත්වෙන හෙයින් තමිල්නාඩුවේ පැවැත්වෙන තරගවලින් කිහිපයක් හෝ ලංකාවට ලැබීමට ඉඩ ඇති බවද ඔහු පැවැසීය.
එසේම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට සමගාමීව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධ කර ගනිමින් විශේෂ අයි.පී.එල්. කලාපයක් සංවිධානය කිරිමටද මේ වන විට කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.