අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ තවමත් සී.ආර්.ට දෙවැනි තැන


ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුනු සටහනේ සති 10 ක් අවසන් වන විට දෙවැනි ස්ථානය රැක ගැණීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඔවුන් අවසන් වරට ගුවන් හමුදා කණ්ඩායම පරදා ලැබූ ලකුනු 53-15 ක දැවැන්ත ජයද ඊට ඉවහල් විය. මෙය සී.ආර්. කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයද විය. මේ අනුව හැව්ලොක් තරග 10 කට සහභාගි වී ඉන් 8 ක් ජයගෙන ඇති අතර ඔවුන් අද (11) ආරම්භ  වන එකොලොස්වැනි සතියේදී යුද හමුදාව සමගින් තරග වැදීමට නියමිතය.

ඡායාරූප- ඕෂිත වරකපිටිය



Recommended Articles