අනවසර විදුලි රැහැනකට සද්ධන්තයා බිලි


අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව වන ජීවී අංශ පවසයි.

අද (20) අළුයම මෙම ඇතා ගම් වැදී ඇති අතර එහිදී ගෙවත්තක් වටා ඉදිකර ඇති විදුලි රැහැනකට එහි හිමිකරු විසින් ගෘහස්ථ විදුලිය සම්බන්ධ කර තිබීම හේතුවෙන් එම විදුලි රැහැනේ ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අඩි දෙකයි අඟල් හතරක් පමණ දිගැති ඇත් දළ දෙකක් සහිත මෙම ඇතා වයස අවුරුදු 20 ක පමණ බව වනජීවී අංශ පවසයි.

මම දළ ඇතා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවි කාර්යාලය මඟින් අවුරුදු 56 ක් පමණ වයසැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.



Recommended Articles