අගමැති කුසලාන පාපන්දු තරඟාවලියේ ජය සීෂෙල්ස් කණ්ඩායමට


අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී ඊයේ (19) පැවැත්විය.

පළමු අර්ධය නිමා වන විට ශ්‍රී ලංකාව හා සීෂෙල්ස් කණ්ඩායම ගෝල 1 බැඟින් ලබාගෙන සම තත්ත්වයේ පසු විය.

දෙවන අර්ධයේදී ගෝල දෙකක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර සීෂෙල්ස් කණ්ඩායමද ගෝල දෙකක් වාර්තා කිරීමත් සමඟ තරඟය 3 ට 3 ක් ලෙස නැවතත් සම තත්ත්වයට පත් විය.

තරඟයේ ජයග්‍රාහණය තීරණය කළේ දඬුවම් පහර මඟින්ය.

ගෝල 3 ට 1 ක් ලෙස සීෂෙල්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.



Recommended Articles