T20 තරඟාවලියේ ජය එංගලන්තය​ට


ශ්‍රී ලංකා - එංගලන්තය අත​ර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තය සමත් වි​ය.

ඒ දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5ක පරාජයක් ලැබීම හේතුවෙනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙණුණි.

එංගලන්තය පන්දුවාර 12ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විමත් සමඟ පසුව තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එංගන්තයට පන්දුවාර 18කදී ලකුණු 103ක ඉලක්කයක් හිමි වි​ය. ඔවුන් එය පන්දුවාර 16.1ක් අවසානයේ දී පසු කර යාමට සමත් වි​ය.

.



Recommended Articles