SLC Greys කණ්ඩායමට තියුණු ජයක්


Invitational T20 League ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට SLC Greys (අළු) කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ එක් ලකුණකින් පරාජයට පත් වූයේ SLC Greens (කොළ) කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් SLC Greys කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Greens කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

 



Recommended Articles