PDC T10 League නමින් තරගාවලියකට SLC අවසර නෑ


‘PDC T10 League’ නමින් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතියක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

එසේම ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිද එවැනි තරගාවලියක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාවේ කිසියම් ක්‍රිකට් ක්‍රීඩිකයෙක් හෝ ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බවත් ක්‍රිකට් ආයතනනය නිවේදනය කරයි.

කෙසේ වෙතත් එම මාධ්‍ය වාර්තාවල දැක්වූයේ ජුනි 25 වනදා සිට මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බවයි.



Recommended Articles