LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Galle Gladiators කණ්ඩායමට


තරග 7ක් අවසානයේ LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වී ඇත.

ඒ ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් හා දල ලකුණු වේගය 0.762 ක රඳවා ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය Jaffna Kings කණ්ඩායමට හිමිව ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන දල ලකුණු වේගය 0.540 ක රඳවාගෙන තිබේ.‍

3 වන ස්ථානය Dambulla Giants කණ්ඩායමට හිමිව ඇත.

ඔවුන් ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන දල ලකුණු වේගය -0.531 ක රඳවාගෙන තිබේ.

Colombo Stars කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින්.

Kandy Warriors කණ්ඩායම තවම කිසිඳු ජයක් වාර්තා කිරීමට සමත්ව නැත.



Recommended Articles