KKR ලකුණු 10ක ජයක් ලබයි


ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තෙැවැනි තරගය ලෙසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 10ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6ට ලකුණු 187ක් වාර්තා කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුනු 177ක් පමණි.

කොල්කටා කණ්ඩායම 187/06

නිතිෂ් රනා 80

රාහුල් තිරිපති 53

දිනේෂ් කාර්තික් 22*

මොහොමඩ් නාබි 32/2

රෂිඩ් ඛාන් 24/2

සන්රයිසස් හයිද්‍රාබාද් 177/05

මනීෂ් පාණ්ඩේ 61*

ජොනී බෙයාස්ටෝ 55

ප්‍රසිද් ක්‍රිෂ්ණා 35/2

 



Recommended Articles