IPL තරඟාවලිය සඳහා තවත් කණ්ඩායම් දෙකක්


ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නව කණ්ඩායම් 02 ක හිමිකාරීත්වය ඩුබායිහි පැවැති ලන්සු කැඳවීමකදී සමාගම් 02 ක් හිමිකර ගෙන තිබේ.

RPSG සමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7, 090 කට මිලදී ගෙන ඇ​ත.

CVC කැපිටල් සමාගම ඉන්දීය රුපියල් කෝටි 5,625 කට අහමදාබාද් නගරය කේන්ද්‍ර කරගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව​ට ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles