IPL තරඟ කාලසටහනේ වෙනසක්


මෙවර IPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක එකම වේලාවකදී පැවැත්වීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබේ.

ඒ අනුව මෙවර තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක වන සන්රයිසස් හයිදරාබාද් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයත් ලබන 8 වනදා මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ කෙරෙනු ඇ​ත.

මෙලෙස එක් වේලාවකදී තරග දෙකක් පැවැත්වෙන්නේ අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරටයි.

අදාළ තරග දෙක පිළිවෙලින් අබුඩාබි හීදී හා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

 



Recommended Articles