IPL කණ්ඩායම් විසින් ර​ඳවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කරයි


ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සියලු කණ්ඩායම්වලට උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි මෙවර අවස්ථාව ලබා දී තිබුණි.

කණ්ඩායම් 8 විසින් සිය කණ්ඩායම්වල රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව –

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් –

  • විරාට් කෝලි : ඉන්දීය රුපියල් කෝටි 15යි
  • ග්ලේන් මැක්ස්වෙල් : ඉන්දීය රුපියල් කෝටි 11යි
  • මොහොමඩ් සිරාජ් : ඉන්දීය රුපියල් කෝටි 7යි

මුම්බායි ඉන්දියන්ස් –

  • රෝහිට් ෂර්මා : ඉන්දීය රුපියල් කෝටි 16යි
  • ජස්ප්‍රිට් බුම්රා : ඉන්දීය රුපියල් කෝටි 12යි
  • සූර්යකුමාර් යාදෙව් : ඉන්දීය රුපියල් කෝටි  8යි
  • කිරන් පොලාඩ් : ඉන්දීය රුපියල් කෝටි 6යි

චෙන්නායි සුපර් කිංග්ස් –

  • රවීන්ද ජඩේජා : ඉන්දීය රුපියල් කෝටි 16යි
  • මහේන්ද්‍ර සිං දෝනි : ඉන්දීය රුපියල් කෝටි 12යි
  • මොයීන් අලී : ඉන්දීය රුපියල් කෝටි 8යි
  • රුටුරාජ් ගයික්වඩ් : ඉන්දීය රුපියල් කෝටි 6යි

කොල්කටා නයිට් රයිඩර්ස් –

  • ඇන්ඩ්‍රි රසල් : ඉන්දීය රුපියල් කෝටි 12යි
  • වරුන් චක්‍රවර්තී : ඉන්දීය රුපියල් කෝටි 8යි
  • වෙන්කටේෂ් අයියර් : ඉන්දීය රුපියල් කෝටි 8යි
  • සුනිල් නාරායන් : ඉන්දීය රුපියල් කෝටි 6යි

සන්රයිසස් හයිදරාබාද් –

  • කේන් විලියම්සන් : ඉන්දීය රුපියල් කෝටි 14යි
  • අබ්දුල් සමාද් : ඉන්දීය රුපියල් කෝටි 4යි
  • උම්රාන් මලික් : ඉන්දීය රුපියල් කෝටි 4යි

රාජස්ථාන් රෝයල්ස් –

  • සංජු සැම්සන් : ඉන්දීය රුපියල් කෝටි 14යි
  • ජොස් බට්ලර් : ඉන්දීය රුපියල් කෝටි 10යි
  • යශස්වි ජයිස්වාල් : ඉන්දීය රුපියල් කෝටි 4යි

දිල්ලි කැපිටල්ස් –

  • රිෂාබ් පාන්ට් : ඉන්දීය රුපියල් කෝටි 16යි
  • අක්සාර් පටෙල් : ඉන්දීය රුපියල් කෝටි  9යි
  • ප්‍රිත්වි ෂෝ : ඉන්දීය රුපියල් කෝටි  7.5යි
  • අන්රිච් නොකියා : ඉන්දීය රුපියල් කෝටි 6.5යි

පංජාබ් කිංග්ස් –

  • මයාන්ක් අගාර්වල් : ඉන්දීය රුපියල් කෝටි 14යි
  • අර්ශ්දීප් සිං : ඉන්දීය රුපියල් කෝටි 4යි

 

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා නිමා වූ තරග වාරයේ දී ක්‍රීඩා කළ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර ද එම කණ්ඩායමෙන් නිදහස් කර තිබේ.



Recommended Articles