09 වන ලෝක කුන්ෆු ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 06 දිනා ගෙන 08/28 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිය .
මෙම තරගාවලිය ඉකුත් 08/22 දින සිට 08/27 දින දක්වා චීනයේ , එමිෂාන්( Emeishan ) නුවර ලෝකයේ රටවල් 154 ක කුන්ෆු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .
එහිදී ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු චීනය වෙත යොමු කර තිබුණ .
මෙම ජයග්‍රාහකයින් රාත්‍රී 08.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ. - 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.