2011 ලෝක කුසලාන අවසන් තරගය පාවා දීමේ චෝදනාවට පරීක්ෂණයක්


ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුව තරග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ​ය පිළිබද ක්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ඇ​ත.

මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද ලේකම්වරයා මෙහිදී සදහන් කරන ලදි.



Recommended Articles