2-1 වශයෙන් තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය වාර්තා වන්නේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු  81ක් රැස් කිරීමට සමත් විය.

වනිදු හසරංග කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 14.ක් තුල කඩුලු 3ක් දැවී ලකුනු 82 ලබාගෙන තරඟය ජයග්‍රහණ​ය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිනෝද් භානුක ලකුණු 18 ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා ලකුණු 23ක් ලබාගැනීමට සමත් විය.

තරඟයේ වීරයා සහ ත​රඟාවලියේ වීරයා සම්මානය වනිදු හසරංග විසින් දිනා ගැනීමට සමත් විය.

 



Recommended Articles