“බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය“ ඔක් 01 දා සිට


මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (7දා) දින උපදෙස් ලබා දුන්නේය.

නව රජය පිහිටුවීමෙන් පසුව අරලියගහ මන්දිරියේ පැවති, බුද්ධ ශාසන අරමුදලේ 84 වෙනි පාලක මණ්ඩල රැස්වීමට එක් වෙමින්, අරමුදලේ සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුවබුදුපුත් සුරක්ෂාසෞඛ්‍ය රක්ෂණාවරණවැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ආරම්භයේදී ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව මෙම අරමුදලට රජයෙන් රුපියල් මිලියන 50ක මුදලක් දායක වේ. මෙම අරමුදල වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දෙන ලදී.



Recommended Articles