සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා


මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් තනවා    අවසන් කිරීමට අපේ කාලයේ  ගල්වඩුවානන් කෙනෙකුට හැකි වී තිබේ.

 දඹුල්ල ජල ක්‍රීඩා හා ජීවිතාරක්ෂක  සංගමයේ සාමාජික සමාජිකාවන් තම  ගුරුවරයා වූ   වීශ්‍රාමික උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ගේ විශ්‍රාම ගැන්වීම සිහිකිරීම සහ උප පොලිස් පරීක්ෂක වරයා සිදුකළ   අනුපමේය සේවය ඇගයිම සදහා ඔහුගේ ගෝල බාලයන් සිසු සිසුවියන් ගුරුවරයෙකුට කරන උපහාරයක් ලෙස මෙම වටිනා ප්‍රතිමා  වහන්සේ නෙළීම ආරම්භ කොට තිබේ.

 මිට   මාස හතරකට ඉහතදී ගලේවෙල දේවහුව ප්‍රදේශයේ ගල් වලකින් මහ පොලොව යට තැන්පත්ව තිබුණු   සුදු පැහැදී මහා විශාල ගල් කුට්ටියක් එලියට ගෙන දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ඉඩමකට රැගෙන විත් කුරුණෑගල මණ්ඩලපොල ප්‍රදේශයේ පදිංචිව සිටින ඩබ්ලිව් .එච් .ගාමිණි සෙල්ටන්  ජයවීර මහතාට ගල් වඩුවානන්ට භාරදී තිබිණි

  ඒ අනුව තවත් ගල්වඩු ශිල්පියෙකු වන දේවා මහතාගේ  ද සහාය ඇතිව ගාමිනී මහතා  ෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ 28 දින වන විට එහි සියලු වැඩ අවසන් කොට තිබිණි

  ලබන වෙසක් පුන් පොහෝ දින මෙම  අඩි 6 ක්  පමණ උසැති සුදු ගලෙන් නිම වුනු බුද්ධ ප්‍රතිමා වහන්සේ දඹුල්ල ජාතික පාසලේ තැන්පත් කිරීමට සූදානම් බව දඹුල්ල ජල ක්‍රීඩා හා ජිතාරක්ෂක  සංගමයේ  සාමාජික සාමාජිකාවෝ පවසති.

 මෙම සුදු ගලට පණ පෙවූ ගල්වඩු ශිල්පියා වන ගාමිණි  මහතා සඳහන් කළේ තමන් සුදු ගලකින් මෙතරම් විශාල බුද්ධප්‍රතිමාව වහන්සේ නමක් නෙලූ ප්‍රථම වතාව මෙය බවය

කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේ නමකටත් වඩා ශික්ෂණයක් සමාධියක් ඇතිව තමන් මෙම බුද්ධප්‍රතිමා වහන්සේ නෙළීම සඳහා   මනස හසුරුව ගත් බව ඔහු සඳහන් කළේය

තමන් වෙත දඹුල්ල ජල ක්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකාවන් පුදුමාකාර විදිහට ලෙන්ගතුව කටයුතු කළ බවත් ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට කළුගලකට පණ දී නිර්මාණ කිරීමට තමන්ට හැකි බව ඔහු සඳහන් කළේය.

 

 



Recommended Articles