සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් කරයි


ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේ දී පැවැත්විණි. 

ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කරමින් අද අභිමානවත් අයුරින් පැවැත්විණ. 

සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසළ පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් හා දැකුම්කලු සංස්කෘතික අංගයන්ගෙන් හෙබි උලෙළකි. 

සමන් දෙවිඳුන් මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට කලක් තිස්සේ ගොඩනැඟුණු සම්ප්‍රදායන් රැසක් එක්ව තිබෙන අතර එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උලෙළක් ලෙස මෙම පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජනාධිපති  මගපෙන්වීමෙන් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමට පියවර ගැනිණි.



Recommended Articles