ශ්‍රී ලංකාවේ නව අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමියෝ පත්වෙති


ශ්‍රී ලංකාවේ නව වතිකාන අපොස්තලික තානාපති හිමියන් ලෙස බ්‍රයන් උඩේග්වේ හිමිපාණනව පත්කිරිමට අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබේ.

මෙම පත්කිරීම පසුගිය 12 දා වතිකානුව විසින් ප්‍රකාශයට පත් කළේය. 1964 ජුලි මිස 19 වැනි දින කැමරන්හි උපත ලබා ඇති බ්‍රයන් හිමියන් උපත ලබා තිබේ.

උන්වහන්සේ අපෝස්තලික හා රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වීමෙන් අනතුරුව සිම්බාබ්වේ, අයිවරි කෝස්ට්, බල්ගේරියා, තායිලන්තය හා මහා බ්‍රිතාන්‍ය යන රටවලට සිය සේවය ලබා දී තිබේ.

එතුමන් ඉංග්‍රීසි, ඉතාලි, ප්‍රංශ හා ස්පාඤ්ඤ යන භාෂා හැසිරවීමේ නිපුණයෙක් බව ශ්‍රී ලංකා කතෝලික සභා නිල මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.



Recommended Articles