ශ්‍රී පාද වන්දනාවාරය වෙසක් පොහොයෙන් අවසන්


2022-2023 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.

වෙසක් පොහෝ දින (05) ශ්‍රි පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත්, ඉන් අනතුරුව (06) දින අලුයම ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත් , නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ , නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියහ.

ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (06) දින රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (07) දින අලුයම සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් කියා සිටියහ.

2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය සාර්ථකව පැවැත්විමට සහයෝගය දැක් වු ගරුතර මහ සංඝ රත්නයට , රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියළුම නිලධාරින්ටත්, නන් අයුරින් උපකාර කල සියළු දෙනාට සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට සිය ස්තුතිය පුද කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියහ.



Recommended Articles