ශ්‍රි දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ දොර ජර්මන් රිදියෙන් නිමවා පූජා කරයි


ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 21 ක් ගතවන අවස්ථාවේදි ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරුප්පුවේ ප්‍රවේශ දොර ජර්මන් රිදියෙන් නිමවා දළදා මාලිගාවට පූජා කිරීමේ පුණ්යෝත්සවය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23)සිදු කෙරුණි.

ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිළමේවරයෙකු වන හීන්බණ්ඩා උඩුරාවණ නිළමේ තුමන්ගේ දියණිය වන නෙලුම්දේවී උඩුරාවණ බස්නායක මහත්මිය හා ඇගේ සැමියා වන අධිනීතීඥ සේනරත් බස්නායක මහතා විසින්  රුපියල් ලක්ෂ විසි දෙකක මුදලක් වැයකර  මෙම දොර නිර්මාණය කර තිබෙන අතර තම දෙමව්පියන් සිහිකර මෙම උතුම් පුණ්‍යකර්මය සිදු කිරීමට ලැබීම භාග්‍යයක් බව නෙලුම්දේවී උඩුරාවණ මහත්මිය කීවාය.

වැඩසිටින මාල‍යේ හා  පහළ මාලයේ පිවිසුම් දොරටු රිදී වැඩ යොදා ප්‍රතිසංස්කරණය කර තිබෙන බවත් පත්තිරුප්පුවේ ප්‍රධාන පිවිසුම් ද්වාරය හිටපු දිවඩන නිළමේවරයෙකු වන උඩුරාවණ මහතාගේ  දියණියක වන නෙලුම්දේවී උඩුරාවණ මහත්මිය විසින් මෙම පුණ්‍යකර්මය ඉල්ලීමකට අනුව එම පවුලේ වියදමින් ප්‍රතිසංස්කරණය කර දළදා මැඳුරට පූජා කළ බව ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.

චමිල් රූපසිංහ



Recommended Articles