ලාස් වේගාස් නුවර පැවැත්වූ කඨින උත්සවය


ලාස් වේගාස් නුවර "ලක්කන දහම් පියසේ " වාර්ෂික කඨින පූජා මහෝත්සවය පසුගියදා පැවැත්වීය. පූජ්‍ය නාවල ලක්කන හිමියන් විසින් ගොඩ නංවා ඇති"දහම් පියස" අද ලොව පුරා බුදු දහම ප්‍රචලිත කිරීමේ තවත් මධ්‍යස්ථානයක් බවට පත් වී තිබේ.

නෙවාඩා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය අලවල සුභූති හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මෙම කඨින පින්කම පවත්වන ලදී . මෙම කඨින පිංකම පවත්වන ලද්දේ  පියනන්ද දලුගොඩ මහතා ප්‍රමුඛ පවුලේ අයගේ දායකත්වයෙනි.ඊට ලාස්වේගාස්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහාය දැක්වූහ.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මෙම පිංකමේදී සිදුවිය.

සිරී හීන්පැලැස්ස



Recommended Articles