'නීරෝගීමත් ජාතියක් - ස්වංපෝෂිත හෙටක්' යන්න තේමා කරගනිමින් වසවිසෙන් තොර කාබනික ගෙවතු දස ලක්ෂයක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ විසින් ආරම්භ කර තිබේ.
මෙය සෑම ගෙවත්තකම වසවිසෙන් තොර "ටිකිරි කොටුවක්" ස්ථාපිත කිරීම සඳහා නොමිලේ බීජ/පැල ලබාදී ගෙවතු ලක්ෂ 10ක් තැනීමේ ජාතික මෙහෙවරක් බව රතන හිමියෝ පැවසූහ.
වසවිසෙන් තොරව වගාකිරීමට එකඟතාවය ඇති කරගන්නා සැමට මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර, ටිකිරි කොටුව - කාබනික වගාබිම සකසා ගත් පසු නොමිලේ බීජ සහ පැල ලබාදීම සිදු කිරීමට නියමිතය.
මේ සඳහා ලියාපදිංචි වීම සඳහා අයදුම්පත
නම -
ලිපිනය -
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය -
ග්‍රාමසේවා වසම -
දුරකථන අංකය -
ආසන්නම විහරස්ථානය හෝ ආගමික ස්ථානය -
පොලිස් ස්ථානය -
අත්සන -
ඔබ විසින් සකසා ගන්නා ආදර්ශ අයදුම්පත whatsup - viber - email කළ හැකිය. වඩාත් දුරබැහැර පළාත්වලදී බීජ/පැල ලබාදීම ගමනාගමන අපහසුකම් හේතුවෙන් ප්‍රමාද විය හැකි බව ද රතන හිමියෝ දන්වා සිටියහ.
ලියාපදිංචිය සඳහා විමසන්න - 0113 637 600
Whatsup - viber - +94 75 324 0667
Email - [email protected]
රතන හිමියෝ ගෙවතු වගා මිලියනයකට මුල පුරති
Recommended Articles