ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබඳව සංඝ සභා එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි මහනායක හිමිපාණෝ පැවැසූහ.
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබාදුන් අධිකරණ තීන්දුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා බොදුබල සේනා සංවිධානයේ ස්වාමීන්වහන්සේ පිරිසක් ඊයේ (14දා) උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මෙම අදහස් පවසා සිටියහ.
"නඩුවේ තීන්දුව ගන්න කොට විනිශ්චයකාරතුමා ඥානසාර හිමි ඔය ප්‍රකාශය කරන විට චින්තනයේ තිබුණේ කුමක්දැයි සලකාබැලිය යුතුයි. ගරු විනිශ්චයකාරවරු පැහැදිලිකර ගත යුතුයි ඥානසාර හිමි ප්‍රකාශය කරන අවස්ථාවේදී උන්වහන්සේගේ අදහස තිබුණේ කුමක්ද කියලා.
ඒ අවස්ථාවේ ඥානසාර හිමිගේ අදහස උසවියාවත් විනිශ්චයකාරවරුවත් නොවෙයි. උන්වහන්සේගේ හදවතේ තිබුණේ ජාතියට විපත්තියක් වෙන අවස්ථාවේදී මා ඉදිරිපත්වෙනවා කියන හැගීමයි. අපේ විනය පොතේ සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ නමකට ඒ ඒ අවස්ථාවේදී ඇතිවන තත්ත්වය මතයි දඬුවම් දෙන්නේ.මෙම අදහසේ හැටියට විනිශ්චයකාරවරු තව ටිකක් හිතුවනම් හොඳයි කියන එකයි.
දැන් තියෙන්නේ අවස්ථාව අනුව කළ යුත්තේ කුමක්දැයි විමසා කටයුතු කිරීමයි. ඊළඟට මේක පුර්වාදර්ශයක් වෙයි. මීළඟට මහා සංඝයා ඔක්කොම හිරේ ගිහින් තියෙයි."