කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියෝ පවසති.
දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබේ. ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවත් උන්වහන්සේ පවසති.
එහෙත් බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී උන්වහන්සේ මේ බව පැවැසූහ.