බදුල්ල වෙහෙරගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ චෛත්‍ය ඉදිකිරීමට ආධාර පතයි


බදුල්ල වෙහෙරගොඩ ගම්මානයේ ඉදිකෙරෙන වෙහෙරගොඩ චෛත්‍ය රාජයාගේ වැඩ අවසන් කිරීමට මීගහවෙල වෙහෙරගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ තරුණ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.  
මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පුස්සලකන්දේ සේනානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

 බුද්ධ ශාසනයේ චිරස්ථිතිය  මුල්කර ගනිමින් හා එක්දහස් අටසිය දහ අටේ ඌව කැරැල්ලට නායකත්වය දුන් විරුවන් හා එම කැරැල්ලේදී විනාශයට පත් වූ වෙහෙර විහාරස්ථාන වෙනුවෙන් මෙම චෛත්‍ය ගොඩනැංවීම ප්‍රධාන අරමුණයි. දුටුගැමුණු රජ සමයේ වෙහෙර වහන්සේ හත් නමක් ඉදිකර තිබූ බවට ජනප්‍රවාදයේ සඳහන් වූ පරිදි වෙහෙරගොඩ නමින් ප්‍රසිද්ධ වී ඇති ස්ථානයේ මෙම චෛත්‍ය රාජයා ඉදිකිරීමට නියමිතයි. 1818 ඌව කැරැල්ල නිමා වී 2018 වන විට වසර 200ක කාලයක් සපිරෙන බැවින් එළඹෙන අගෝස්තු මස වෙහෙරගොඩ චෛත්‍යයේ වැඩ නිමවා සසුනට පූජා කිරීමට බලාපොරොත්තු වනවා. මේ සඳහා ලැබී ඇති ප්‍රතිපාදනවල හිඟකම හේතුවෙන් චෛත්‍යයේ වැඩ අවසන් කර ගැනීමට පින්වතුන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වනවා යැයිද පවසා සිටියහ

 ඒ සඳහා යම් දායකත්වයක් ලබාදීමට කැමති අයෙකු වේ නම් වෙහෙරගොඩ චෛත්‍යරාජයා ඉදිකිරීමේ නිර්මාතෘ යුද හමුදා විශ්‍රාමික එස්.ඒ නලින් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 055 -2223396, 071 -4486579, 071 - 9436286 යන දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා  ගත හැකිය. 
ආධාර මුදල් බැර කරන්නේ නම් බදුල්ල මහජන බැංකුවේ තරුණ බෞද්ධ සමිතිය නමින් ගිණුම් අංක 010200110022668 යට‍තේ ආරම්භ කර ඇති ගිණුමට ආධාර බැර කළ හැකි බව ශ්‍රී බෝධිරාජාරාම තරුණ බෞද්ධ සමිතිය සඳහන් කරයි. 

තුෂාර තෙන්නකෝන් 

2

S3470005 S3470023 S3470041

 

 

 

 

 

 

 



Recommended Articles