නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් වෙයි


පසුගිය මාර්තු මාසයේදී මිය ගිය නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මහතා ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

නැඳුන්ගමුවේ රාජා අවස්ථා 13කදී මහනුවර දළඳා මාලිගාවේ සධාතුක කරඩුව වඩම්මවා ඇති අතර ශ්‍රී ලංකා ජනතාවගේ නොමද ගෞරවාදරයට පත්ව තිබේ. 



Recommended Articles