දළදා තේවා කටයුතු මල්වත්තෙන් අස්ගිරියට


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දළදා වහන්සේ වෙනුවෙන් සිදු සිදුකෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයට පැවරීම ඇසළ පුන් පොහෝ දිනට පසු දින අද (14) පස්වරුවේ පුරාණ සම්ප්‍රදානුකූලව සිදුවිය.

ඒ අනුව පසුගිය වසරක කාලය තුළ දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතු සිදු කළ මල්වතු පාර්ශවය වෙනුවෙන් මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් ද ඉදිරි වසරේ ඇසළ පුන් පොහෝ දිනය දක්වා තේවා කටයුතු සිදුකරන අස්ගිරි පාර්ශ්වය වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන යන මහනාහිමිවරුන් දළදා මාළිගාවට වැඩම කොට පුරාන සම්ප්‍රදානුකූලව තේව මාරුව සිදු කෙරුණි.

මෙම අවස්ථාවට තේවා කටයුතු භාර මහා සංඝරත්නය , දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු තේවා කටයුතුවලට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගි විය.

ෂේන් සෙනෙවිරත්න

 



Recommended Articles