දමන, එක්ගල්ඔය ආලෝක රජමහ විහාරය ගොඩනංවන්නට දායක වෙමු


iparani gaa watunu dhagaba

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති එක්ගල්ඔය ආලෝක රජමහ විහාරස්ථානයේ අඩුපාඩු රැසක් ඇති බව එහි  විහාරාධිපති කොටාගොඩ ගුණානන්ද හිමියන් සහ විහාරස්ථානයේ දායකයෝ පවසති.
මෙම විහාරස්ථානය දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඇති ඉපැරණිම විහාරස්ථානයක් වන අතර, දිගාමඩුල්ල සශ්‍රීක පොළොවේ වගා කර රටට බත සපයන්නට එදා දායකත්වය දුන් සද්ධාතිස්ස රජු රුහුණේ සිට ලාහුගලට පැමිණ බක්මිටියාව මීරාහල රජමහ විහාරය, මහානාගපුර කුකුළුවා රජමහ විහාරය හරහා එක්ගල්ඔය රජමහා විහාරයට පැමිණ දීඝවාපියට ගිය බව ඉතිහාස තොරතුරුවල සඳහන් වේ.

kotagoda gunanandha himiඒ එන අතරමගදී එක්ගල්ඔය විහාරස්ථානයේ ඇති ඉපැරණි පොකුණෙන් එම රජුගේ බිසෝවරුන් ස්නානය කළ බවද  පැවසේ. ඒ සඳහා අවශ්‍ය දෑ ඇඟ ගැල්වීම සඳහා භාවිත කළ කෝ වළවල් එම ස්ථානයේ අදද තවමත් දක්නට ලැබේ.
කාලයත් සමගින් මෙම ඓතිහාසික පුදබිම වල් වැදුණු නැවතත් මෙම විහාරස්ථානය ගොඩනැගීමට කටයුතු ආරම්භ කළේ උක්කු බණ්ඩා කෝරලේ මහතාය. 
එතැන් සිට ටිකෙන් ටික දියුණු වූ මෙම විහාරස්ථානය මේ වනවිට ප්‍රදේශයේ තිබෙන අඩුම දියුණුවක් ඇති විහාරස්ථානය බවට පත්ව තිබේ. කොළඹ මොනරාගල මාර්ගය ආසන්නයේ මනරම් පරිසරයක පිහිටා ඇති මෙම බිමේ අඩුපාඩු රැසක් පවතින බැවින් එම අඩුපාඩු සපුරා ගැනීම සඳහා විහාරාධිපති හිමි ඇතුළු දායකයන්  පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අප සමග අදහස් දැක් වූ එක්ගල්ඔය පුරාණ රජමහ විහාරාධිපති කොටාගොඩ ගුණානන්ද හිමියෝ,
&අපේ විහාරස්ථානය දිගාමඩුල්ලේ රජ කාලේ බිහිවුණ ඉපැරණිම විහාරස්ථානයක්. නමුත් මෙහි තවමත් තිබෙන්නේ ඉතාම අඩු දියුණුවක්.  මෙම විහාරස්ථානය නිසි පරිදි සංවර්ධනය කරන්නට දායකයන්ට ආර්ථික ශක්තියක් නැහැ. මෙම විහාරස්ථානයේ වන්දනාමාන කිරීමට පැමිණෙන දායකයන්ට වන්දනාමාන කිරීමට පහසුකම් නැහැ. 

බුද්ධ මන්දිරය සහ පිළිම ගෙයි ඉදිකිරීම් කාලයක සිට අතරමග නැවතිලා තියෙනවා. ඒ සඳහා රුපියල් ලක්ෂ 20ක මුදලක් වියදම් කරන්න වෙනවා. ආවාස ගෙය පිළිසකර කරන්නට ලක්ෂ  එකහමාරක් පමණ වැය වෙනවා. දහම්පාසල පවත්වන්න ස්ථිර ගොඩනැගිල්ලක් නැහැ. ධර්ම ශාලා ගොඩනැගිල්ලේ තමයි  දහම් පාසල පවත්වන්නේ. එයත් ප්‍රමාණවත් නැහැ. 
මෙම විහාරස්ථානයේ තිබෙන භූමියේ විශ්‍රාම ශාලාවක් ඉදි කළහොත් මෙම ප්‍රදේශයට වන්දනාමාන කිරීමට එන අයටත් නවාතැන් පහසුකම්දීමට හැකි වේවි. එමනිසා දානපතියන්ගෙන් සහ ඔබ සැමගෙන් අප ඉල්ලා සිටින්නේ  විහාරස්ථානය සංවර්ධනය කරන්නට දායකත්වය සහ සහයෝගය ලබාදෙන ලෙසයි. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ අවධානයද මේ විහාරය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.* යැයි පැවසූහ. 

bisowarun namata osu abaru sthana DSC_0932 iparani korawak gal sira pathul gal

 



Recommended Articles