චීනය සෑම විටම ශ්‍රී ලංකාව සමගයි - චීන තානාපති


ඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්යා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන  තානාපති චී ෂෙන් හොන් මහතා ප්‍රකශ කළේය .

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය සබඳතා ආරම්භකර 65 වසරක් සපිරීම නිමිත්තෙන් දෙරටට ආශිර්වාදකර  කිරීම සඳහා අනුරාධපුර අභයගිරි විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහන් මාලාවට එක්වෙමින් චීන තානාපති වරයා මේ බව ප්‍රකාශකළේ ය.

එම ආගමික වතාවත් පෙරේදා (26) සිදු කෙරුණේ අනුරාධපුර ඓතිහාසික අභයගිරි විහාරස්ථානයේ   දී යි. අභයගිරි විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ  රතනසිරි නාහිමියන්ගේ සංවිධානත්වයෙන් චින- ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය එයසංවිධානය කළේ ය.

සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාව ථෙරවාදි සම්ප්‍රදායට ද  චිනය මහායාන සම්ප්‍රදායට ද  පරිත්‍රාණ දේශනාවක් සමඟ ආගමිකවතාවත්  සිදුකළේ ය. ඒ සඳහා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද සුභාශිංෂණ පණිවිඩය උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා  ඉදිරිපත් කළේය. චිනයේ සිට චීනයේ ශ්‍රීලංකා කානාපති ආචාර්ය පාලිත කොහොන මහාතා හා එරට බෞද්ධ හිමිවරු ස්ථාන දෙකක දී වීඩියෝ දර්ශනවලට එක්වූහ.

චීන  තානාපති ෂී ෂෙන් හොන් මහතා අභයගිරි විහාරස්ථානයේ  උත්සවය නියෝජනය කරමින් චීනය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟඅන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහජීවනයෙන් බැඳී සිටින බව ප්‍රකාශ කළේ ය.

‘‘ අපගේ ඓතිහාසික මිත්‍රත්වය කාලානුරූපීව ඉදිරියට ගෙනයාමටත් සෟඛ්‍ය යහ පැවැත්ම ආරක්ෂා කර ගැනීමටත් මෙය වටිනා අවස්ථාවක් වෙනවා. අපේ රටවල් දෙක අතර ගොඩනැගී ඇති බෞද්ධ සම්බන්ධය මිනිසුන්ගේ හදවත් තුළ කිඳාබැස තිබෙනවා. කඳු වැටි සහ මහ මුහුදින් වෙන්වූ දේශ සීමා මායිම් නොකර ශ්‍රී ලංකාවේ මෙන්ම චීනයේ බොහෝ ශික්ෂූන් වහන්සේලා සේද මාවත ඔස්සේ ගොස් මේ සාමයේ බීජ වපුරා තිබෙනවා.

ෆාහියන් හාමුදුරුවෝ අභගිරියේදී ධර්මය ඉගෙනගෙන පිටපත් කරගෙන ගියා. අමෝඝවජ්‍ර හිමියන් ද එසේයි. දේවාසාර භික්ෂුණිය මෙරටින් චීනයට කාන්තා උපසම්පදාව රැගෙන ගියා. දෙරටේ වර්ණවත් ඉතිහාසයට මේ අය දායකවුණා. අප දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කළ මේ බෞද්ධ භික්ෂූන්ට හා ශාස්තෘන්ට මාගේ කෘතඥතාව මුලින්ම පලකනරනවා.

ඒ රාජ්‍ය සබඳතාවලට අවුරුදු 65ක කාලයක්  වේගයෙන් ගලාගියා. අතීතයේ, වර්තමානයේ හෝ අනාගතයේ කුමක් වුවත් ඒසියල්ලට සාධක පැහැදිලිව ඇත. ශ්‍රී ලංකාව හා ලෝකයේ තත්ත්වය කුමක්වුවත් චිනය නිරන්තරයෙන් විශ්වාසවන්ත මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව සමඟ සිටිනවා. චිනයට ශ්‍රී ලංකාව පැරණි අවංක හිත හොඳ මිතුරෙකි. බුදු දහමඋගන්වන සාමය සමගිය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කර ලෝකයට ඉගැන්වීම කළ යුතුයි.

බෞද්ධ දූපතක් ලෙස ශ්‍රි ලංකාවනිරන්තරයෙන් ලෝකයේ සාමය හා සහජීවනය පිළිබඳව පෙනි සිටීම, අපේක්ෂා කිරීම සහ දායකවිම වටී. අප දෙරට අතර අවංක , අන්‍යෝන්‍ය සහ සදාකාලික මිත්‍රත්වය ඇතුළත් උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට මෙය හොඳ අවස්ථාවක්. එය තහවුරු කිරීමට සෑම තරාතිරමකම මිතුරන් සමඟ අපි දිගටම කටයුතු කරන්නේමු‘‘යි චීන තානාපතිවරයා ප්‍රකාශකළේය.

රඹෑව මනුල වික්‍රම



Recommended Articles