කිරිවෙහෙර රජමහා විහාරාධිපති යළිත් රෝහලට


කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොඹවක ධම්මින්ද හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15දා) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඥානින්ද හිමියෝ පැවසූහ.

කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමි පසුගිය ජුනි 12 වැනිදා රාත්‍රියේ සාහසික වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ අතර, උන්වහන්සේ පසුගිය ජුනි 13 වැනිදා සවස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබිණි.

පසුව උන්වහන්සේ එහි සති පහක පමණ කාලයක් අඛණ්ඩව නේවාසික ප්‍රතිකාර ලැබූ අතර, පසුගියදා අවසන් වූ රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගි වීමට වෛද්‍ය උපදෙස් මත ධම්මින්ද හිමියන් පසුගිය ජුනි 19 වැනිදා විහාරස්ථානයට වැඩම කළහ.

කෙසේ වුවද, උන්වහන්සේ ඊයේ (15දා) යළි අසනීප වීම හේතුවෙන් මෙලෙස කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

නාහිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ශරීර ගතව තිබූ උණ්ඩ ඉවත් කිරීම සඳහා අවස්ථා කිහිපයකදී සිදු කළ සැත්කම්වල තුවාලවලට තවදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා උන්වහන්සේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ඇත්කඳුරේ ජනක් ද සිල්වා

 



Recommended Articles