කතෝලිකයෙක් කළ ප්‍රකාශය ගැන ලැජ්ජාවෙනවා - කාදිනල්හිමි


මේ රටේ භික්ෂූන්වහන්සේලා සම්බන්ධයෙන් කතෝලික මන්ත්‍රීවරයෙක් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුවන බවත් ඒ පිළිබඳව ලැජ්ජාවෙන බවත් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.

පාස්කු ඉරිදින ප්‍රහාරයට තෙමසක් ගතවීම සම්බන්ධයෙන් ඊයේ (21දා) බෙල්ලන්විල විහාරයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

“මේ රටේ සියලුම දෙනා මොන ආගමක් ඇදහෙව්වත් මේ රටේ උරුමය බෞද්ධ උරුමයක් බව අප සක්සුදක් සේ පැහැදිලිවම පිළිගන්නවා.

බටහිර ලෝකය ක්‍රිස්තියානි ලෝකය කියලා කිව්වට ඒකේ ක්‍රිස්තියානිකමක් අත්තේම නෑ. ඇත්ත වශයෙන්ම අපි වාසනාවන්තයි මේ වගේ රටක, බොදුණු සංස්කෘතික පසුබිම තුළ අපේ ආගම් අදහන්න අපිට ලැබී තිබෙන ඒ නිදහස පිළිබඳව.

ඒ නිසා අපි ඒ මෝඩ මිනිසුන්ගේ මෝඩ කථා වලට එච්චරම කනගාටුවිය යුතු නෑ. ඒ වගේම මම ලැජ්ජාවට පත්වෙනවා ඒ මන්ත්‍රී කෙනෙක් කතෝලිකයෙක් කියලා කියාගෙන භික්ෂූන්වහන්සේලාට කරලා තියෙන අපහාසය පිළිබඳව. මොකද අපි එකතුවිය යුතුයි. සිංහලයා වශයෙන්.”



Recommended Articles