ඔලබොඩුව ශ්‍රි ජයවර්ධනාරාමයේ නව උපෝසථාගාරය ජනපති අතින් විවෘත කෙරේ


හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සග සතු කොට පූජා කිරීමේ පුණෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (31) පස්වරුවේ පැවැත්විණි. 

අවුරුදු 113 ක් පැරණි උපෝසථාගාරයේ අත්තිවාරම මත ඉදිවන තෙවැනි ගොඩනැගිල්ල ලෙස මෙම නව උපෝසථාගාරය ඉදිකර තිඛෙන අතර, ඉපැරණි බෞද්ධ සම්ප්‍රදායට අනුගතව කළුගල් කුලූනු මත එය ඉදිකර තිබේ‍ෙ

ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරාධිකාරි ඉතාලියේ, මිලානෝ හි ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් ඉතාලියේ මිලානෝ හි පදිංචි ඇන්තනී පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම නව උපෝසථාගාරය ඉදිකර තිබේ

ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. 

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව උපෝසථාගාරය සඟ සතු කොට පූජා කළ අතර එහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත පළමු පුෂ්පෝපහාරය ද සිදු කළේය.

 



Recommended Articles