අනුරපුරේ දින 365 දන්සල යළිත්


අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ශ්‍රී මහා බෝධිය අසළ  දින 365ම ක්‍රියාත්මක දන්සල අද (01දා)  නැවතත් ආරම්භ කර තිබේ.

අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ලබාගැනීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරයි.

ගොවීන් විසින් තම අස්වැන්නෙන් සකසා ගත් දානය අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පිරිනැමීමත්, මහා සංඝරත්නයට පිළිගැන්වීමත්, සැදැහැවතුන්ට දිවා ආහාරය පිරිනැමීමත් අද සිට නොකඩවා ක්‍රියාත්මක වන බවත්, එහි අධීක්ෂණය ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන බවත් අමාත්‍යවරයා කීය.

අතීතයේ රජ දවස රාජ මහාමාත්‍යාදීන් විසින් බැතිමතුන් හට දාන පිළිගැන්වූ මඟ යමින්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා දින 365 පුරාම මෙය ක්‍රියාත්මකය.

පසුගිය ආණ්ඩුව සමයේද මෙම දන්සල ක්‍රියාත්මක විය.



Recommended Articles