සෑම ජාතියකටම ජාතිකත්වයේ හඬක් නැගීමට ඉඩ තිබිය යුතුයි


ජාතිකත්වය පිළිබඳ කතා කළ නොහැකි මට්මමේ පසුබිමක් මේ වනවිට රට තුළ ගොඩනැගී ඇති බවත්, එසේ වුවද සෑම ජාතියකටම ජාතිකත්වය පිළිබඳ හඬක් නැගීමට ඉඩ තිබිය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පැවසූහ.

ජාතිකත්වය පිළිබඳව හඬ නැගීමේදී ජාතිවාදී ගැටුම් ඇති නොකර ගතයුතු බවද උන්වහන්සේ කියා සිටියේ වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ 201 වැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින් මහනුවර දළදා මාලිගාවේදීය.

කෙසේ වුවද ජාතිකත්වය සුරක්ෂිත කරගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇතැයිද උන්වහනසේ මෙහිදී අවධාරණය කළහ. අස්ගිරි මහනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය, ගිහි ප්‍රභූවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

 

 



Recommended Articles