විශ්වබල පිරුවානා පොත් වහන්සේ එළිදකී


ශ්‍රවණය කිරීමට හැකි පිරුවානා පොත් වහන්සේ නමක් ශ්‍රවණාරූඪ කළ විශ්වබල පිරුවානා පොත් වහන්සේ නමක් විද‍්‍යුත් පුස්තකයක් ලෙස එළිදැක්වීම අද (21දා) ගංගාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අනුශාසකත්වය මත මෙම පොත් වහන්සේ නිර්මාණය කර ඇත්තේ නෙස්ලි රංජිත් රාජසේකර මහතාය. මෙම පිරුවානා පොත් වහන්සේ පූජනීය ලෙස ශ්‍රවණය කිරීමටත්, වන්දනීය ලෙස නමදින්නටත්,  පහසු ලෙස  පරිශීලනය කිරීමටත් නව තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම නිර්මාණය සිදුකළ බවත් ලෙව ප්‍රථම වරට සිදුකළ මෙම කාරණය ‍ඓතිහාසික වන බවත් නෙස්ලි රංජිත් මහතා පැවසීය. මල්වතු මහා විහාරීය ලේඛකාධිකාරී පූජ්‍ය වල්ගොව්වාගොඩ මේධංකර විමලබුද්ධි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, කථානායක  කරු ජයසූරිය මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

 



Recommended Articles