ලාම්පු තොරණේ සිට වසර 44 ක් නොකඩවා තොරණ් ඉදිකරන අපේ කාලයේ සැදැහැවතෙක්


වෙසක් පොහොය නිමිති කරගෙන වසර 44 ක සිට, තම පුද්ගලික වියදමින් හා තම සහජ හැකියාවෙන් දර්ශනීය තොරණක් නිර්මාණය කොට ඉදිරිපත් කරන දැහැමි පුද්ගලයෙකු කෑගල්ලේදී %අද^ට හමුවිය.

කෑගල්ල මහ නගර සභාවේ සේවය කරන, 59 හැවිරිදි දෙදරු පියෙකු වන මොහු නමින් සෙනරත් ධර්මසිරිය. ධර්මසිරි මහතා සිය මුල්ම තොරණ ඉදිරිපත් කර ඇත්තේ 1971 වසරේදීය. ඒ වනවිට ඔහු 17 හැවිරිදි තරුණයෙකි. එකල විදුලිබල පහසුකම් නොතිබූ නිසා තම තොරණ අලෝකවත් කර ඇත්තේ චිත්‍ර මත කළු කොළ අලවා පිටුපසින් ලාම්පු දල්වමින් බව ඔහු අප හා පැවසීය. මේ වන තෙක් කිසිදු චිත්‍ර ශිල්පියෙකු හෝ විදුලි කාර්මිකයෙකුද නොමැතිව තොරණේ සියලු දෑ සකස් කරන්නේ ධර්මසිරි මහතාය.

%පටාචාරා^, %ආලවක දමනය^, %තිලමුට්ඨි^, %චුල්ලපදුම^, %රණමයුර^, %චුල්ලබෝධි^, %සාම^ ආදී තේමා රැසකින් ඔහු සිය තොරණ හැඩගන්වා ඇත. මෙවර ඔහු නිර්මාණය කර ඇත්තේ %හත්තපාල^ ජාතකයයි. මෙවර ඉදිරිපත් කළ වෙසක් තොරණ 44 වැනි වතාවට ඉදිරිපත් කළ තොරණ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ධර්මසිරි මහතා තම නිර්මාණ සඳහා මාස 03 ක පමණ කාලයක් තම කාලය හා ශ්‍රමය හා ධනය වැය කරමින් මේ තොරණේ වැඩකටයුතු නිම කරන්නේ කිසිවකුගේ හෝ මූල්‍යාධාර නොමැතිවය.

ධර්මසිරි මහතා රැකියාවෙන් උපයාගන්නා මුදලින් කොටසක් තොරණ වෙනුවෙන් වැයකරන අතර, මෙම වාර්ෂික තොරණට විවිධ ආකාරයේ පරිත්‍යාග ලබාදීමට ආයතන හා පුද්ගලයන් ඉදිරිපත් වුවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

ඔහුගේ මෙම ආදර්ශමත් ක්‍රියාවලිය අගයමින් වරකාපොළ තරුණ බෞද්ධ සමිතිය සහ වරකාපොළ සමාජ සංවර්ධන පදනම මගින් ඇගයීමේ සම්මානයක්ද ඔහු වෙත පුදකර ඇත.

ධර්මසිරි මහතාගේ එකම ආයාචනය වන්නේ අඩි 05කින් ආරම්භ වූ තොරණ අද වනවිට අඩි 100 උස අබිබවා ඉදිවෙමින් පවතින අතර, එය නරඹා එයින් ශක්තියක් ලබාදෙන ලෙසයි.

සෙනරත් ධර්මසිරි මහතාගේ පෞද්ගලික වියදමෙන් ඉදිවන දැවැන්ත වෙසක් තොරණ කොළඹ  - නුවර පාරේ වරකාපොළ දුම්මලදෙනිය, නැව්ගලදී ප්‍රදර්ශනය කෙරිණි.

 

 

වරකාපොල රංගන රුවන්



Recommended Articles