රහතන් වහන්සේලා විසි එක් නමකගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක්


මැලේසියාවේ මලක්කා බෞද්ධ විහාරස්ථානයේ සිට වැඩම කරවන රහතන්වහන්සේලා විසිඑක් නමකගේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් දෙසැම්බර් 21 - 24 දින දක්වා  පානදුර ගල්ගොඩ විහාරස්ථානයේදී පැවැත්වේ.  මෙම ධාතු ප්‍රදර්ශණය විවෘත කිරීම දෙසැම්බර් 21 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.  දෙසැම්බර් 20 වන දින කටුනායකින් මෙරටට වැඩම කරවන ධාතුන් වහන්සේලා විශේෂ රිය පෙරහරකින් පානදුර විහාරස්ථානය කරා වැඩම කරවීමට නියමිත අතර  ධාතු  ප්‍රදර්ශණය කිරීම පෙ.ව.9.00 සිට රාත්‍රිය දක්වා සිදු කෙරේ. 

 



Recommended Articles